විශේෂ පුවත්
Highlighter

හානිපූරණය සඳහා වන කාර්යාලය - ශ්‍රී ලංකාව වෙත සාදරයෙන් පිළිගනිමු

හානිපූරණය සඳහා වන කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ හානිපූරණ රෙජීමය කළමනාකරණය කිරීම හා අර්බුද හේතුවෙන් පීඩාවට පත් වූවන් හට හානිපුරණයන් ප්‍රදානය කරනු වස් 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනත මඟින් ස්ථාපිත කරනු ලැබූ ස්වාධීන ආයතනයකි. පනතේ පූර්විකාවේ දක්වා ඇති පරිදි මෙම පනත පැනවීම සඳහා වන මූලකාරණය නම් -

"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආවේණික ගරුත්වය හා සමාන සහ අහිමි කළ නොහැකි මානව හිමිකම් සහ මේ අයිතීන්ට ගරු කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන රාජ්‍ය වගකීම පිළිගන්නා හෙයින් ද:
සියලු ශ්‍රී ලාංකික්යන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ථාවර වූ සඵලදායී ප්‍රතිකර්මයක් වශයෙන් පරිපූරණ හානිපූරණ යෝජනා ක්‍රමයක් අනාගත පරපුර ඇතුළත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය හා ආරක්ෂාව උදෙසා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වන හෙයින් ද:"

තව කියවන්න ...

පුවත් සහ සිදුවීම්

ඉදිරි මාස තුන සඳහා යෝජිත ව්‍යාපෘති (2026.10 සිට 2026.12 දක්වා)

ආදායම් උත්පාදන අවස්ථා වැඩිදියුණු කිරීම, ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ආර්ථික යහපැවැත්ම ශක්තිමත්...

සම්මත වන්දි ආකෘතියක් සහ සාමූහික වන්දි හා සහන රාමුවක් සංවර්ධනය කිරීම...

සම්මත වන්දි ආකෘතියක් සහ සාමූහික වන්දි හා සහන රාමුවක් සංවර්ධනය කිරීම පිළිබඳ උපායමාර්ගික වැඩමුළුව ගැටුම් හේතුවෙන් සිදුවූ...

වන්දි හා සහන සහ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අත්දැකීම් ශ්‍රී ලංකාව සහ...

වන්දි හා සහන සහ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව එක්වෙති ශ්‍රී...

සම්පත් දායකයින් සඳහා අයදුම්පත් කැඳවීම

සම්පත් දායකයින් සඳහා අයදුම්පත් කැඳවීම හානිපුරණය සඳහා වූ කාර්යාලය යනු 2018 ඔක්තෝබර් මස 22 වන දින සිට...