විශේෂ පුවත්
Highlighter

හානිපූරණය සඳහා වන කාර්යාලයේ විධිවිධානයන්ට අනුව "පීඩාවට පත් තැනැත්තන්" හට (ශ්‍රී ලංකාව තුළ ඇති වූ ගැටුම්කාරී වාතාවරණයන් හේතුවෙන් පීඩාවට පත් තැනැත්තන්) සහන ලබා දීම සඳහා මෙන්ම එකී පීඩාවට පත් තැනැත්තන්ගේ ජීවිත නැවත ගොඩනංවා ගැනීමට හෝ ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සහාය ලබා දීම අරමුණු කරගෙන පෙර කී වින්ඳිතයන්ගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් එහි ප්‍රධානතම මැදිහත්වීමක් ලෙස මනෝසමාජීය සහාය වැඩසටහනක් නිර්මාණය කර ඇත. ගැටුම්වලට මුහුණ පෑ වින්ඳිතයන් එකී ගැටුම්වලට හා ප්‍රචණ්ඩත්වයන්වලට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් චිත්තවේගීය හා මානසික පීඩාවන්ට මුහුණ පා ඇත යන සහ, එම නිසා එකී ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් වින්ඳිතයන්ගේ මනෝසමාජීය යහපැවැත්ම ප්‍රවර්ධනය අරමුණු කරගත් වෘත්තීයමය සහායක් අත්‍යාවශ්‍ය වේ යන පිළිගැනීම මත මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.