විශේෂ පුවත්
Highlighter

 

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ  SCFR අංක 163/2019, 165/2019, 166/2019, 184/2019, 188/2019, 191/2019, 193/2019, 195/2019, 196/2019, 197/2019 සහ 293/2019 දරන නඩුවල 2023 ජනවාරි 12 දිනැතිව ලබා දෙනු ලැබූ  තීන්දු ප්‍රකාරව හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පහත පරිදි වේ-

  1. 2023 ජනවාරි 19 දිනැතිව ලංකා බැංකුවේ රාජගිරිය ශාඛාවේ ගිණුම් අංක 0090167960 දරන "පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 - වින්දිත අරමුදල" යන නමින් වින්දිත අරමුදලක් ස්ථාපිත කර ඇත. එකී ගිණුමේ ගිණුම් තොරතුරු සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ව දැනුවත් කර ඇත.
  2. 2023 ජූලි 12 දින වන විට එකී අරමුදලට පහත පරිදි මුදල් බැර වී ඇත –

ගෙවීම් කරන ලද තැනැත්තා

 

ගෙවීම් කරන ලද මුදල

ගෙවීම් කරන ලද දිනය

රජය

රු. මිලියන 1

2023 ජුනි 9

හේමසිරි ප්‍රනාන්දු මහතා

රු. මිලියන1

2023 ජුනි 9

රු. මිලියන 1

2023 ජූලි 10

පූජිත් ජයසුන්දර මහතා

රු. 1,725,588.87

 2023 ජුනි 20

ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා

රු. මිලියන 15

 2023 ජුනි 28

සිසිර මෙන්ඩිස් මහතා

රු. මිලියන 5

2023 ජූලි 6

රු. මිලියන 5

 2023 ජූලි 11

නිලන්ත ජයවර්ධන මහතා

රු. මිලියන 4.1

 2023 ජූලි 11

2023 ජූලි මස 12 දින වන විට ලැබී ඇති මුළු මුදල

රු. 33,825,588.87

හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් සිදු කරනු ලබන අවශ්‍යතා මත පදනම් වූ ඇගයුම් කිරීමකින් අනතුරුව වන්දි මුදල් ප්‍රදානය කරනු ලබන ආකාරය තීරණය කරනු ඇත.

3. වින්දිත අරමුදලට මූල්‍යමය දායකත්වය ලබා දීමට කැමති තැනැත්තන්ට ඒ සඳහා ආරාධනා කරමින් 2023 ජනවාරි 29 දිනැතිව පහත පුවත්පත්වල දැන්වීම් පළ කරන ලදී- සිළුමිණ, වීරකේසරි, සන්ඩේ ඔබ්සවර්, ලංකාදීප, තිනකරන්, ද සන්ඩේ ටයිම්ස්. එම දැන්වීමට මෙතනින් පිවිසෙන්න.

4. නොගෙවූ වන්දි සහ වන්දි අඩුවෙන් ගෙවීම් කරන ලද වන්දි සම්බන්ධයෙන් සම්පූර්ණ කරනු ලැබූ විමර්ශන වාර්තාව 2023 මාර්තු 14 දිනැති ලිපිය යටතේ ගරු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. එම විමර්ශන වාර්තාව සඳහා මෙතනින් පිවිසෙන්න.

5. වින්දිත අරමුදලෙන් ගෙවීම් සිදු කිරීම සඳහා වන යෝජනා ක්‍රමය 2023 ජනවාරි මාසයේ දී සකස් කරන ලද අතර ඒ සඳහා මෙතනින් පිවිසීමට හැකි ය. ප්‍රහාරයෙන් පීඩාවට පත් තැනැත්තන්ගේ අවශ්‍යතා ඇගයීමක් පදනම් කර ගනිමින් අරමුදලෙන් ලබා දෙනු ලබන මුදල් ප්‍රමාණයන් තීරණය කරනු ඇත.