විශේෂ පුවත්
Highlighter

හානිපූරණය සඳහා වන කාර්යාලය විසින් සමඟිය හා සංහිඳියාව අරමුණු කරගත් කාර්යයන් සිදු කරනු ලබන සංවිධාන තුනකින් සමන්විත "ජාතික සමඟි පර්ෂදයක්" පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. එකී සංවිධාන තුන නම් - හානිපූරණය සඳහා වන කාර්යාලය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය හා ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය යි. මෙම සංවිධාන තුනෙහිම නියෝජිතයන් නිරන්තරයෙන් මුණ ගැසී එක් එක් සංවිධානය විසින් සිදු කරගෙන යනු ලබන සැලැසුම් හා වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමටත්, එක් එක් සංවිධානය විසින් සිදු කරගෙන යන ක්‍රියාකාරකම් සඳහා සහයෝගය ලබා දීමටත් එම ක්‍රියාකාරකම් ද්විත්වකරණය වීම වැළැක්වීම සඳහාත් කටයුතු කරනු ලබයි. වැඩසටහන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉහත එක් එක් ආයතනය සතු සම්පත්වලින් ප්‍රයෝජන ලබා ගැනීම මෙහි අරමුණ වේ.